කාන්තාවන්ට වෙනම සිරමැදිරි දෙන්න – තලතා අතුකෝරල

කාන්තාවන්ට වෙනම සිරමැදිරි දෙන්න – තලතා අතුකෝරල

කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය.

එහිදී මන්ත්‍රීවරිය වැඩි දුරටත් දැක්වූ අදහස්,

“රටේ ඉඩම් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මේ කටයුතු බොහොමයක් සිදුවෙන්නේ මුදලට. කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ඉඩම් රෙජිස්ටාර් කාර්යාල දෙකක් තියනවා. ඒ වගේම රටේ හැම තැනම කාර්යාල තියෙනවා. හැම බිම් අඟලක් සම්බන්ධයෙන්ම විස්තර ඒවායේ තියනවා. මේ තැන් වලින් ජනතාවට ලබාදෙන සේවය පුළුවන් උපරිමයෙන් කළ යුතුයි. රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක ලොකු වියදමක් දරන්න බැහැ. හැබැයි ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කෙරෙන කටයුතු ස්වාධීන විය යුතුයි. නීතිඥ ප්‍රජාව හැටියට මේ පහසුකම් පනත් සංශෝධනය වෙනවා වගේම මේ ගැන පැකිලීමකින් තොරව අපි අවශ්‍ය සහයෝගය දෙනවා . යම් යම් තැන්වල යම් යම් ආයතන වල සිද්ධ වෙන වංචාසහගත දේවල් දූෂිත ක්‍රියා තියෙනවා. මේකට සෘජුවම පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ විය යුතුයි. පොලිසියේ වගකීම අති විශාලයි. හැමෝම එකතුවී මේවා ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත් අපේ රටේ නීතිය මේ සිස්ටම් එක හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ.ඒ වගේම බන්ධනාගාර ආඥා පනතේ නීති සංශෝධනය කිරීමෙන් සිරකරුවෝද මනුශ්‍යයෝය කියන එක තහවුරු කරන්න ඇමතිවරයා උත්සාහ කර තිබෙනවා.

බෝනොවන සනීප කළ නොහැකි ලෙඩ හැදිලා ඉන්න ලෙඩුන් පවා බන්ධනාගාර තුළ ඉන්නවා.මේ සංශෝධන මගින්බ් ඒ අයට හොඳ වෛද්‍ය මණ්ඩලයක් දාලා තිබෙනවා.එය සෞඛ්‍ය අධ්‍යක්ෂ නම් කරන වෛද්‍ය මණ්ඩලයක් විය යුතුයි.ඒ වගේම සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි. දැන් ඇත්තටම බන්ධනාගාරය ගැන කතා කරන්න දෙයක් නෑ.ඇත්තටම දූෂිත වෙලා. ඒක මිනිසුන්ට සලකන්නේ නැති තැනක් කියලා තමයි මට කියන්න වෙන්නේ. යනුවෙන්