රුසියාවෙන් යුක්රේනයට දරුණු ප්‍රහාරයක් (Photos)

රුසියාව එල්ල කළ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් යුක්රේනයේ නගර සහ ගම් දහසකට අධික ප්‍රමාණයකට ජල සැපයුම සහ විදුලිය විසන්ධි වී තිබේ.
පසුගිය 7 වනදා සිට මේ දක්වා රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් රුසියාව විසින් යුක්රේනය වෙත එල්ල කර තිබේ.
මේ හේතුවෙන් යුක්රේනයේ විදුලි බලාගාර 30ක් සහ ජල පවිත්රාගාර රැසක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
කීව් අගනුවර ප්‍රදේශ රැසකට ද විදුලිය සහ ජල සැපයුමද විසන්ධි වී ඇති බව සඳහන් වේ.
මෙම ප්‍රහාර හේතුවෙන් 70කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.





