ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥ ලයිස්තුවට මහාචාර්ය චන්න ජයසුමනත්

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 38 දෙනෙකු ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥයන් (2%) අතරට ඇතුළත්ව සිටිනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එල්සිවයර් ප්‍රකාශකයන් සමඟ එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 38 දෙනෙක් ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ ලයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටිති. මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළත්ව ඇත්තේද එම ලයිස්තුවටය.
මෙලෙස ඇගයීමට ලක් වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් අතර මහාචාර්ය මෙත්තිකා විතානගේ, සේනක රාජපක්ෂ, රනිල් ජයවර්ධන, නිමල් සේනානායක, සරෝජ් ජයසිංහ, එස්.ඒ.එම් කුලරත්න, ජනක ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, කමණි මෙන්ඩිස් යන ශ්‍රී ලාංකික මහාචාර්ය මහාචාර්යවරියෝද වෙති.

