තිලිණිගෙ ගනුදෙනු එක්ක අපේ සම්බන්ධයක් නෑ

තිලිණිගෙ ගනුදෙනු එක්ක අපේ සම්බන්ධයක් නෑ

මූල්‍ය වංචා සිදු කර පසුගිය දා අත්අඩංගුවට පත් කාන්තාව සමඟ හෝ එම ගනුදෙනුවලට තමා හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

එම කාන්තාව නිදහස් කර ගැනීම සඳහා තමා කටයුතු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ චෝදනාව සාවද්‍ය බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව ත් මන්ත්‍රීවරයා කීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි,

“අපි දැක්කා මහා මූල්‍ය වංචාවකට හසු වුණ කාන්තාවක්. ඒ ආයෝජනයන් සඳහා අපේ නමුත් දාලා තියෙනවා. ඒත් මේ මාධ්‍ය තුළින් යන හඬ පටවල තියෙනවා නාමල් රාජපක්ෂ මහත්මයා එතුමියව අත්අඩංගුවට ගන්න එපා කියලා පොලිසියට දැනුම් දුන්නා කියලා. අපි දැක්කේ නෑ නාමල් රාජපක්ෂ මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් මම එහෙම කිව්වේ නෑ, මේක අල්ලලා දෙන්න කියලා කියනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,

“චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා සඳහන් කරලා තිබෙනවා කොළඹ මුදල් එකතු කළා කියන කාන්තාවක් පොලිසියෙන් නිදහස් කරන්න මම කතා කළා කියන කාරණය. එය සම්පූර්ණයෙන් සාවද්‍ය කරුණක්. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා එවැනි ප්‍රකාශ කිරීම වැරදියි. ඒ වගේම එතුමා පැමිණිල්ලක් දැම්මලු මම පැමිණිල්ලක් දැම්මේ නෑ ලු. මට සම්බන්ධයක් නැති නිසා පැමිණිල්ලක් දාන්න අවශ්‍යතාවක් නෑ. සම්බන්ධයක් තියෙන අයට ගිහින් පැමිණිල්ලක් දාන්න පුළුවන් ඒකට සම්බන්ධ නෑ කියලා. මම පැහැදිලිව කියනවා මේ ගනුදෙනුවට හෝ ඇය සමග අපේ හෝ අපේ පවුලේ සම්බන්ධයක් නෑ. මේ පිළිබඳව වරප්‍රසාද කමිටුවට පැමිණිල්ලක් දාන්න බලාපොරොත්තු වෙනවා.

මන්ත්‍රී චමින්ද විජේසිරි,

“නාමල් මන්ත්‍රීවරයා මේක පටලවාගෙන. එතුමට කිව්වෙ මෙහෙම එකක් තියෙනවා. ඒකට පැමිණිල්ලක් දාලා නෑ කියලා. එතුමා මේකට සම්බන්ධ බව මම කිව්වෙ නෑ. ‘පුහුල් හොරා කරෙන් දැනේ’ කියලා කතාවකුත් තියෙනවා. වරප්‍රසාද නෙවේ මාව ඕනෑ කමිටුවකට කැඳවන්න.” යනුවෙන්