ශ්රී ලංකාව සුපිරි 12 වටයට සුදුසුකම් ලබයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තීරණාත්මක තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කළා.
එම ජයග්රහණයත් සමග ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.
මෙම තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 162ක් වාර්තා කළා.
එහිදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සුපිරි පිතිකරණයක නියැලමින් ලකුණු 79ක් ලබා ගත්තා
ලකුණු 162කට පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146 පමණි.
නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලුණු ආරම්භක පිතිකරු Max O’Dowd නොදැවී ලකුණු 71ක් වාර්තා කළා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත් වූ වනිඳු හසරංග ලකුණු 28කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.

