අලුතින් ආ අගමැතිනිය කලින්ම ගෙදර යයි

අලුතින් ආ අගමැතිනිය කලින්ම ගෙදර යයි

බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ.

කෙසේවෙතත් අගමැති ධුරයට අනුප්‍රාප්තිකයෙකු පත්වන තෙක් ධුරයේ කටයුතු කිරීමට පියවර ගන්නා බව ද ලිස් ට්‍රස් ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර ඇය කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වීමටයි බ්‍රිතාන්‍ය අගමැතිවරිය තීරණය කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉවත් වීමෙන් පසු ලිස් ට්‍රස් අගමැති ධුරයට පත් කෙරුණේ දෙවන එළිසබෙත් මහ රැජින විසින්. ඒ ඇයගේ අභාවයට ද දින කිහිපයකට පෙරයි.

මහ රැජින සිය අභාවයට පෙර සිදු කළ අවසන් රාජකාරී කටයුත්ත ලෙසට සැලකුණේ ද අගමැතිවරියගේ පත් කිරීමයි.

ඒ අනුව නව අගමැතිවරිය සිය ධුරයේ කටයුතු කරනු ලැබුවේ දින 45ක පමණ කාලයක් පමණයි.

මේ අතර කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරි සතියේදී නිලවරණයක් පැවැත්වෙනු ඇති බව ද අගමැතිවරිය ප්‍රකාශ කළා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා පත්කර ගැනීම වෙනුවෙන් නිලවරණයක් ද ලබන සතියේ පැැවත්වෙනු ඇති.

Liz Truss තනතුරේ කටයුතු කරනු ලැබුවේ 45ක් පමණක් වන අතර එය සැලකෙන්නේ එය එක්සත් රාජධානියේ ඕනෑම අගමැතිවරයෙකුගේ කෙටිම ධුර කාලය ලෙසටයි.

මීට පෙර එරට කෙටිම කලක් ධුරය හෙබවූ අගමැතිවරයා වුයේ ජෝර්ජ් කැනින් වන අතර ඔහු දින 119ක් සේවය කළා.

https://bit.ly/3yWXuSy