කොන්දේසිවලට යටත්ව 22 වැනි සංශෝධනයට සහය දෙනවා – විපක්ෂ නායක

කොන්දේසිවලට යටත්ව රටේ අනාගතය පිළිබඳ සිතා සත්භාවයෙන් 22 වැනි සංශෝධනය සඳහා සහය ලබාදෙන බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පවසයි.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම යන කරුණු තුන විසි 22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදීම සඳහා කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරන බව ද විපක්ෂනායකවරයා පැවිසීය.
කෙසේ වෙතත් අවසන් මොහොතේ කූඨෝපක්රම දැමීමට කටයුතු කර මෙම කොන්දේසි වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම් සිය සහය හකුලා ගන්නා බව ද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස එහිදී සඳහන් කළා.

