ද්විත්ව පුරවැසිභාවය ආවොත් 22 ට ඡන්දය දෙන් නැහැ

ද්විත්ව පුරවැසිභාවය ආවොත් 22 ට ඡන්දය දෙන් නැහැ

කාරක සභා අවස්ථාවේදි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ස්ථාවරය වෙනස් කළහොත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

එම පක්ෂ මූලස්ථානයේ අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නොනැවතී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි.