බොරතෙල් නැවට මුදල් ගෙවලා නැහැ – දින 40ක් මුහුදේ

බොරතෙල් නැවට මුදල් ගෙවලා නැහැ  – දින 40ක් මුහුදේ

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට ‍නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම නෞකාව දිවයිනට ළඟාවී දැනට දින ‍40 කට අධිකය.

බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ

කෙසේවෙතත් දිවයිනට ළඟාවූ ඩිසල් ‍නෞකාවට ඊයේ (20) මුදල් ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ය.

එහි ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,400ක් ගොඩබෑම අද (21)ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර, ගුවන් යානා ඉන්ධන නෞකාවකට ද මුදල් ගෙවා ඇති අතර එහි තොග ගොඩ බෑම මේ වනවිට ආරම්භ කර තිබේ.