එළඹෙන මාර්තු 20ට පෙර තියෙන නීතිය අනුව ඡන්දයකට යා යුතුයි – අනුර දිසානායක

මාර්තු මාසේ විසි වැනිදාට පෙර ඡන්දය පැවැත්වීම වැළැක්වීම සඳහා මේ වෙලාවේ කිසිම නීතිමය ප්රතිපාදනයක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඡන්දෙට බය මාමයි – බෑණයි යන තේමාව මුල් කර ගනිමින් ජාතික ජන බලවේගය පැවැත් වූ සම්මන්ත්රණය අමතමින් ඔහු මේ බව කියා සිටියා.
අනුර කුමාර දිසානායක එහිදී වැඩි දුරටත් දැක්වූ අදහස්,
“පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු 20 ට පෙර පැවැත්විය යුතුයි. මොකද මේ වන විට පළාත් පාලන මැතිවරණය කාලය අවසන් වෙලා තිබෙන්නේ පහුගිය මාර්තු මාසේ විසි වෙනිදා. මේ මාර්තු මාසේ 20 වෙනිදා කාලය අවසන් වෙලා තියෙනවා පනතේ තියෙන ඇමතිවරයාට බලතල තියෙනවා අවුරුද්දකට කල් දාන්න, ඒ වෙලාවේ ඇමති ජනක බණ්ඩාර පළාත් පාලන ඇමතිවරයා ඔහු මේක අවුරුද්දකින් කල් දැම්මා, ඒ කියන්නේ එළඹෙන මාර්තු මාසේ විසි වෙනිදා වෙනකොට අලුත් සභාව පිහිටුවන්න ඕනේ.
මැතිවරණ පනත අනුව ඡන්දෙ තියන්න මාස හයකට පෙර ඡන්ද පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට එනවා, දැන් මේ සැප්තැම්බර් මාසේ විසි වැනි දා මැතිවරණ කොමිසමට දැන් බලය තියෙනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට. අපේ රටේ මේ වෙලාවේ කිසිම නීතිමය ප්රතිපාදනයක් නෑ මාර්තු මාසේ විසි වැනිදාට පෙර ඡන්දය පැවැත්වීම වැළැක්වීම සඳහා මොකුත් කරන්න බෑ දැන්, මොකද ඇමතිවරයාට බලතල තියෙන්නේ අවුරුද්දක් කල් දාන්න විතරයි ඒකත් දාලා ඉවරයි.
මැතිවරණ කොමිසමට නිල වශයෙන් ඡන්ද පැවැත්වීමේ බලය ඇවිල්ලා තියෙනවා. දැන් ඕන වෙලාවක තියන්න පුළුවන් හෙට ඕන්නම් පළාත් පාලන මැතිවරණය කැඳවන්න පුළුවන්, කොමිසම සතුවවට බලය ඇවිල්ලා තියෙනවා. දැන් මම දැක්කා කොම්සම ප්රකාශ කරලා තිබුණා එළඹෙන මාර්තු 20ට පෙර ඡන්දය පවත්වනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ, තියෙන නීතියට අනුව මාර්තු මාසේ විසි වෙනිදාට පෙර ඡන්දය පැවැත්වීම වැළැක්වීමට රනිල්ට කරන්න කිසි දෙයක් නෑ අන්න ඒකේ උවමනාවෙන් තමයි මේ නව ඡන්ද ක්රමයක් ගැන නව කොට්ඨාසයක් ගැන සාකච්ඡා කරමින් තිබෙන්නේ.” යනුවෙන් පැවසීය.

