ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට සුදානම් වන බවට චෝදනාවක්

ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට සුදානම් වන බවට චෝදනාවක්

දකුණු යුක්‍රේනයේ ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට රුසියාව සූදානම් වන බවට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky චෝදනා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම චෝදනාව ඉදිරියේදී මහා පරිමාණ ව්‍යසනයකට තුඩු දෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේනයේ තොරතුරුවලට අනුව ඩිනිපර් ගඟේ පිහිටි කකොව්කා වේල්ල රුසියානු හමුදා විසින් කැණීම් කර ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ

දැනට එම වේල්ල රුසියානු ආක්‍රමණය යටතේ පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කෙසේවෙතත් කකොව්කා වේල්ලට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට රුසියාව දැනටමත් යුක්‍රේනයට චෝදනා කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

https://bbc.in/3z21AZs