දරුවන් 99කගේ ජීවිතය කැස්ස පැණියට බිලිවෙලා

දරුවන් 99කගේ ජීවිතය කැස්ස පැණියට බිලිවෙලා

වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ළදරු මරණ 99ක් පමණ වාර්තා වී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා වෙළෙඳාම අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇත.

කැස්ස පැණියක් භාවිත කිරීම මෙම මරණවලට හේතුව බව අනාවරණය වී ඇත. මේ ආකාරයට ගැම්බියාවේ දරුවන් 70ට අධික පිරිසක් ද මෙවැනිම පැණි වර්ග භාවිත කිරීම නිසා පසුගිය දා මරණයට පත්වූහ.

ඉන්දුනීසියාවේ දිස්ත්‍රික්ක 20ක පමණ දරුවන්ට වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී ලක්ෂණ පවතින බව සෞඛ්‍ය අංශ මගින් හඳුනා ගැනීම හා එම ඖෂධ භාවිත කළ ළදරුවන් මිය යාම මෙම පියවර ගැනීමට හේතු වී ඇත.

ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය සිරප් වර්ග සම්බන්ධයෙන් ගෝලීය අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය

මේ අතර ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමයින් සියයකට අධික පිරිසකට මරු කැඳවූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඖෂධ ලියාපදිංචියේදී ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක කරන දැඩි නියාමනය හමුවේ ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර හිමිවන බවයි එම සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන සඳහන් කළේ.

https://reut.rs/3se0wxX