20ට ඡන්දෙ ගත් දා ගීතා පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා

20ට ඡන්දෙ ගත් දා ගීතා පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයේ තමා සිටියේ පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා යැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

මහින්දානන්ද ඇතුළු පිරිසක් එදින තමා සිටින්නේ කොහිදැයි සොයා බලා තිබූ බව කී කුමාරසිංහ මහත්මිය එහෙත් තමා 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදෙන බව තරයේ සිතාගෙන සිටි බව කීවාය.

20 වන සංශෝධනයට ඡන්දය නොදීමේ “රිටන් එක” පසුව තමාට ලැබුණු බව කී කුමාරසිංහ මහත්මිය එදා පනස් දෙකකට නියෝජ්‍ය,රාජ්‍ය ඇමතිකම් ලැබෙද්දී තමාට කිසිවක් නො ලැබුණු බවත් දේශපාලනේ කියන්නේ එය බවත් සඳහන් කළාය.