22, 21වෙලා

22, 21වෙලා

ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 21 වැනි සංශෝධනය බවට පත් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 22 වැනි සංශෝධනය නොව 21 වැනි සංශෝධනය ලෙස හැඳින්විය යුතු බවයි ඔහු පවසන්නේ.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් මීට පෙර 21 වැනි සංශෝධනය ලෙස තවත් සංශෝධනයක් සභාගත කර තිබූ අතර, එබැවින් රජය විසින් ගෙන ආ මෙම සංශෝධනය 22 වැනි සංශෝධනය ලෙස නම් කෙරුණා.

කෙසේ නමුත්, සමගි ජන බලවේගය විසින් ගෙනා එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමට කටයුතු කෙරුණා.