ෂි ජින් පින්ග් තෙවැනි වරටත් ජනාධිපති වෙයි

ෂි ජින් පින්ග් තෙවැනි වරටත් ජනාධිපති වෙයි

චීන ජනාධිපති ෂි ජින් පින්ග් තෙවැනි වරටත් එරට ජනාධිපති ලෙස තේරීපත් වුණා.

ඒ අනුව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ ෂැංහයි කොංග්‍රස් පක්ෂයේ නායක ලී චීයෑන්ග්.

එරට වත්මන් අග්‍රාමාත්‍යවරයා වන ලී කච්යාන් එළැඹෙන මාර්තු මාසයේ දී විශ්‍රාම යාමට නියමිත අතර ඉන් පසුව නව අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ පිහිටුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තෙවැනිවරටත් ජනාධිපති ධුර කාලය සඳහා තේරීපත් වූ ජනාධිපති ෂි ජින් පින්ග් මාවෝ සේතෝගෙන් පසු චීනයෙන් බිහිවන වඩාත්ම බලවත් පාලකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

https://bit.ly/3F3hjeN

COMMENTS