සිංහයන්ට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ අද (23) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තා.
ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 15කදී ලකුණු 133ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකාව සහභාගීවන මීලඟ තරඟය ලබන 25 වනදා ඔස්ට්‍රේලියාව සමඟ පර්ත් හිදී පැවැත්වීමට නියමිතය.


