බැංගලෝර් ප්‍රාන්තයේ කලාකරුවන් සමඟ මෙරටදී සංගීත සංදර්ශනයක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ කලාකරුවන් සමඟ මෙරටදී විශාල සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
ඩයනා ගමගේ වැඩිදුරටත් දැක්වූ අදහස්,
“ලබන මාසයේ බැංගලෝර්වල, ඒ කියන්නෙ ලබන මාසෙ 12 වෙනිදා තමයි මේකෙ පළවෙනිම ලෝන්ච් එක තියන්නෙ, මේක යන්නේ ක්‍රිකට් තරඟයක් විදියට, අපේ ඉන්න කලාකරුවො සහ ඒ බැංගලෝර් ප්‍රාන්තයේ ඉන්න කලාකරුවො අතර තියනවා. මේකෙ දෙවැනි කොටස වෙන්නේ ලංකාවේ. ලංකාවේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නෙ දෙසැම්බර් 08 වෙනිදා යාපනේ. යාපනේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගනය අපි දැනට කතා කරලා තියෙනවා. ඒ යාපනේදි අපි කරනවා විශාල සංගීත සංදර්ශනයක්. මේකට අපේ රටේ ගායක ගායිකාවො සහ ඒගොල්ලොන්ගෙ රටෙන් එන ගායක ගායිකාවො සමග එකතුවෙලා මේ සංදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට විශාල සෙනඟක් ඉන්දියාවෙ සිට එනවා. මේ ඔක්කොම දේවල් කරන්නෙ අපට ලංකාවට නැතිවුණු ඩොලර් ටික නැවතත් ගෙන්වාගන්න” යනුවෙන්

