අයහපත පරදා යහපත ජයගත් දීපාවලි අදයි

හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කරන සහ හින්දු ප්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලි දිනය අද (24)යි. අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙසද ඔවුන් අද දිනය සළකනවා.
අඳුර දුරලා සියලු සිත්සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප්‍රාර්ථනා කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලි උත්සවය අද සමරනු ලබනවා.
චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන්.
විෂ්ණු දෙවියන්, හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරකාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
අදට යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හින්දු බැතිමතුන්ට සුබ පැතුම් එක්කර තිබෙනවා. ජාති, ආගම්, පක්ෂ , පාට භේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින්, රට ගොඩනැගීම නම් පහන් සිළුව වටා සියලු දෙනා සාමූහිකව අත්වැල් බැඳගන්නා ලෙසයි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් ඉල්ලා ඇත්තේ.
මේ අතර පක්ෂ, පාට, ආගම්, ජාති භේද පසෙකලා පොදු හැඟීමකින් කටයුතු කළ යුතු අවස්ථාවකට එළඹ ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දීපාවලි දින උත්සවය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
දීපාවලියේ සැබැ අර්ථය හදවතට ධාරණය කර ගනිමින් පොදු යහපත වෙනුවෙන් එක්ව කටයුතු කර මෙම අභියෝගාත්මක කාලය ජය ගැනීමට අදිටන් කළ යුතුව ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද දීපාවලි දින සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
සංහිඳියාවේ අපේක්ෂා මුල් කරගත්, වාර්ගික සංහිඳියාවත්, අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමට දීපාවලි උත්සවය ඉමහත් පිටිවහලක් බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලාංකීය සියලුම ජනතාවට කැමති තැනක ජීවත් වීමට හා ජීවනෝපාය සලසා ගැනීමටත් රට තුළ බියෙන් හා සැකයෙන් තොරව සාමකාමීව සහයෝගයෙන් ජීවත් වන්නටත් හැකියාව ලැබෙන සුබ දීපවාලි දිනයක් වේවා ! යැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

