ගුවන් යානයක් කඩා වැටෙයි

රුසියානු ගුවන් හමුදා යානයක් දකුණු සයිබීරියාවේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබෙනවා.
දෙමහල් නිවසකට මෙම යානය කඩාවැටී ඇති අතර, යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ නමුත් එහි සිටි නිවැසියන්ට හානියක් සිදුවී නැහැ.
මෙම සිදුවීමත් සමඟ ගුවන් ආරක්ෂක නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රුසියාවේ රාජ්‍ය විමර්ශන කමිටුව පියවර ගෙන තිබෙනවා.

