බැසිල් දේශපාලනය කළත් යළි පාර්ලිමේන්තු ඒන් නෑ – මහින්ද රාජපක්ෂ

බැසිල් දේශපාලනය කළත් යළි පාර්ලිමේන්තු ඒන් නෑ  – මහින්ද රාජපක්ෂ

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම බැසිල් රාජපක්ෂට ගැටලුවක් නොවන බවත්, කොහොමටවත් ඔහු යළි පාර්ලිමේන්තුවට ඒමේ අදහසින් දේශපාලනය කරන්නේ නැතැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (23 දා) පැවසීය.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දින ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පාර්ලිමේන්තුවට ලිපියක් යොමුකර තිබෙනවා.

ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන් සියලු දෙනා තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූයේ ඇයි දැයි ජනතාවට පැහැදිලි කිරීමේ යුතුකමක් පවතින බවයි ඔහු එමඟින් සඳහන් කර ඇත්තේ.

තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව මන්ත්‍රීවරයා මෙම ලිපිය පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත යොමුකර තිබෙනවා.