පාකිස්තාන ප්‍රකට මාධ්‍යවේදියෙකු කෙන්යාවේදී වෙඩි තබා ඝාතනය කරයි

පාකිස්තාන මාධ්‍යවේදියෙකු වන අර්ෂාඩ් ෂරීෆ් කෙන්යාවේ නයිරෝබි හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ බිරිඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාකිස්තානයේදී ද එම මාධ්‍යවේදියාට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් ඩුබායි වෙත පළාගිය අතර එහිදී ද එල්ල වූ ජීවිත අවදානම නිසා ඔහු කෙන්යාව වෙත ගොස් තිබුණි.
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිය සැමියා ඝාතනය කර ඇති බවට සැක පළ කරන බව ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියේ පසු වු පාකිස්තාන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

