ඩිස්නිලන්තයක් හම්බන්තොටට

ඩිස්නිලන්තයක් හම්බන්තොටට

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොට පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් මාසයේ දී වෝල්ට් ඩිස්නි සමාගමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඩයනා ගමගේ පවසනවා.

මේ අතර ඩිස්නීලන්තයක් මෙරට පිහිටවීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා, රාජ්‍ය අමාත්‍යවරිය වෝල්ට් ඩිස්නි ආයතනයේ ආරාධනයකට අනුව අමෙරිකාව බලා පිටත්ව යාමට සූදානම් බවද වාර්තා වෙනවා.

මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බලාපොරොත්තුවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ.

යෝජිත ව්‍යාපෘතිය ඩොලර් බිලියන 18ක ආයෝජනයක් බවයි වාර්තා වෙනවා.