සිංහ – කැන්ගරු සටන අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද (25) පර්ත්හිදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 4.30ට තරඟය ආරම්භ වීමට නියමිතය.
නවසීලන්තය හමුවේ පරාජය වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් එලෙසම, ශ්‍රී ලංකා පිලට එරෙහිව අද දිනයේ පිටියට එවීමට එරට ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
තරඟාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා ඔස්ට්‍රෙලියාවට අද තරඟය වැදගත් වනු ඇති.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති අවසන් විස්සයි 20 තරග 5ක දක්ෂතා සැලකිල්ලට ගනිද්දී ශ්‍රී ලංකාව තරඟ දෙකක ජය වාර්තා කර ඇති අතර, ඔස්ට්‍රේලියාව තරඟ 3ක ජය ලබා ඇත.

