ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගනන් 400%කින් ඉහළට

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගනන් 400%කින් ඉහළට

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගණන් එම සමාගම්වලින් අසීමිත ලෙස ඉහළ දමා ඇති බවත් රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව බලා සිටින බවත් ජාතික ඉදිකිරීම් සේවක සංගමය චෝදනා කරයි.

පින්තාරු අමුද්‍රව්‍යවල මිල සියයට 400කින් ඉහළ ගොස් ඇති බවත් රුපියල් 750 තිබූ තීන්ත ලීටරයක මිල මේ වනවිට රුපියල් 4,215ක් වී ඇති බව ද එම සංගමය සඳහන් කරයි.

රුපියල් 960ට තිබූ සිමෙන්ති කොට්ටයක මිල මේ වනවිට රුපියල් 2,820ක් බවත් රුපියල් 850ට තිබූ වෑල්ඩින් කූරු පැකට් එකක මිල රුපියල් 2,600ක් බව ද එම සංගමය කියා සිටී.

රුපියල් 3,500ට තිබූ අ(ර්)ත් වයර් රෝලක මිල මේ වනවිට රුපියල් 19,500ක් බව ත් එම සංගමය සඳහන් කරන අතර මේ ඔස්සේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නියැළෙන පිරිස් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ද එම සංගමය වැඩිදුරට ත් සඳහන් කරයි.