රනිල් අස්වෙයි

රනිල් අස්වෙයි

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ඇරඹීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ ලිස් ට්‍රස්ට් හිටපු අගමැතිවරිය විසිනුයි.

රනිල් ජයවර්ධන පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාරව කටයුතු කළා.

මීට පෙර ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ අමාත්‍යවරයකු වූ ජයවර්ධන, අගමැති ට්‍රස්ගේ මුල් ආධාරකරුවෙකු ද වූ බව සඳහන්.

ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ 2015 වසරේදීයි.

https://bit.ly/3SDAVJJ