ඩයනා ගැන සැකයක් – සී.අයි.ඩී. ය විමර්ශන අරඹයි

මේ වනවිට රාජ්‍ය අමාත්‍ය ධුරයක් හොබවන ඩයනා ගමගේට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
ඒ ඇය විසින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ලක්මාල් අනිල් හේරත් යන අයෙකු විසින් අදාළ පැමිණිල්ල 2021 වර්ෂයේ දී ගොනු කර තිබෙනවා.
පැමිණිලිකාර පාර්ශ්වය පෙන්වා දෙන පරිදි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් බ්‍රිතාන්‍යය වෙත යාමට විදෙස් ගමන් බලපත්‍රයක් සකසා තිබියදී, වෙනත් නමකින් තවත් ගමන් බලපත්‍රයක් හා රාජකාරී ගමන් බලපත්‍රයක් සකසා ඇති බවයි පැමිණිල්ලේ දක්වා ඇත්තේ.
එමෙන්ම ඇය විසින් ඒ සඳහා වෙනත් නාමයන් යොදාගෙන ඇති අතර, ඒවා පිළිබඳව මේ වනවිට සාක්ෂි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන සාක්ෂි 07ක් ලෙස වෙන වෙනම ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හට බ්‍රිතාන්‍යයේ පුරවැසිකම ඇති බවත් , ඇය විසින් ඒ බව සැඟවීමට ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර සාමාන්‍ය ගමන් බලපත්‍රයක් සහ රාජකාරි ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්, එය වරදක් බවත් පැමිණිකාර පාර්ශ්වය වැඩිදුරටත් අවධාරණය කරනවා.
මෙම පැමිණිල්ලයි වසරකට පසුව අද (27) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනුණේ.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ යනු සැබවින්ම බ්‍රිතාන්‍ය පුරවැසිකමක් සහිත ද්විත්ව පුරවැසිභාවයක් සහිත තැනැත්තියක් දැයි මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඩයනා ගමගේ විසින් එලෙස බ්‍රිතාන්‍ය පුරවැසිකම සැඟවීමට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසා ගත්තේ නම් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවටත්, ඒ සඳහා අවශ්‍ය කරන තොරතුර කඩිනමින් අධිකරණය වෙත සපයන ලෙසත් අධිකරණය මගින් සී.අයි.ඩී. ස්ථානාධිපති වෙත අද දිනයේ දී නොතීසි නිකුත් කෙරුණා.

