කැලණිතිස්ස විදුලි ජනන කටයුතු නැවතෙයි

කැලණිතිස්ස බලාගාරයේ බෙයාරින් පද්ධතියට සිදු වූ හානියක් නිසා මේ වන විට විදුලි ජනන කටයුතු නවතා ඇති බව විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත පවසනවා.
දින 580ක නඩත්තු කාලයකට පසුව, මෙම බලාගාරය නැවත අලුත්වැඩියා කර ජාතික පද්ධතියට එකතු කළ බවයි ඔහු කියා සිටියේ.
ඉංජිනේරු සංගමයේ විධායක මණ්ඩලයේ සාමාජික ඉංජිනේරු ධම්මික විමලරත්නගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ නැප්තා මේ වන විට රට තුළ නොමැති වීම හේතුවෙන් විදුලි ජනන කටයුතු තාවකාලික ව නතර කර ඇති බවයි.

