ගෝඨාභය වෙනුවෙන් තව දුරටත් පෙනී ඉන්නෙ නෑ – නීතිපති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව වගඋත්තරකරුවකු කරමින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් වෙනුවෙන් තමා තවදුරටත් පෙනී නො සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටිනවා.
ඒ අනුව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටින්නේ, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතයුතු පියවර නො ගැනීම හේතුවෙන් රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ගොණු කර ඇති අදාල මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් තමා තවදුරටත් පෙනී නොසිටින බවයි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම යසන්ත කෝඳාගොඩ, ඒ.එච්. එම්. ඩී නවාස් සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (27) කැඳ වූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම්දීම සිදු කළා.

