පුත්තලම කියද්දී සතෙක් මතක් වුණාට, ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වුණේ පුත්තලමෙන්

අහිංසක මිනිස්සුන්ව වැව්වලට දාලා ඒක දිහා බලලා සතුටුවෙන, කාලකන්නි සතුටක් ලබන කට්ටිය හිතන් ඉන්නවා නම් ඒ තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසාන කරන්න පුළුවන් කියලා, ඒක වැරදීමක් බවත් ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වුණේ පුත්තලමෙන් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මේ බව පැවසුවේ ඊයේ (27) ආරච්චිකට්ටුවේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලනය අමතමිනි.
“අර අහිංසක මිනිස්සුන්ව වැව්වලට දාලා ඒක දිහා බලලා සතුටුවෙන, කාලකන්නි සතුටක් ලබන කට්ටිය හිතන් ඉන්නවා නම් ඒ තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසාන කරන්න පුළුවන් කියලා, ඒක වැරදීමක් කියලා ඔවුන්ට මතක් කරන්න ඕනෙ. පුත්තලම කිව්වාම අර කට්ටිය සතෙක්වනෙ මතක් කරන්නෙ නේද ? මේ ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වුණේ පුත්තලමෙන්. පූක්කුලම කියන ග්‍රාම නිලධාරී වසමට අයත් වන ස්ථානයෙන් තමයි විජය රජ්ජුරුවෝ ගොඩබහින්නෙ. එතනින් තමයි කුවේණිය සමඟ අත්වැල් බැඳගෙන මේ ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වෙන්නෙ. මේ පුත්තලමට නිගා කරන කට්ටිය ඉන්නවා නම් ඒ කියන කියන හැමෝම ඒ ජාතියේ කට්ටිය තමයි කියලා මතක් කරන්න ඕනෙ. පුත්තලමෙන් නේ ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වෙලා තියෙන්නෙ, නේද ?
එදා පොහොර තීන්දුව ගන්න වෙලාවේ, ඒකෙදි මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා සර් මේ තීන්දුව ගත්තොත් අපි ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙනවා කියලා. ඔබතුමාත් ඒ වෙනුවෙන් පෙනී සිටියා, ඔබතුමා කිව්ව කතාව මට මතකයි තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕනෙ කියලා. ආණ්ඩුව තියෙන්න ඕනෙ මොනවා කරන්නත් කියලා. අපට වැරදිච්ච තැන් තියෙනවා” යනුවෙන් පැවසීය.

