විදුලි බිල් නොගෙවීමෙන් ළමා රෝහලේ විදුලිය කපලා

විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආපනශාලාවේ සහ ආරක්ෂක සේවා අංශවල විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
පෙරේදා දිනයේදී මෙලෙස එම අංශවල විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති අතර, එදිනම ඊට අදාළ ගෙවීම් කිරීමට කටයුතු කළ බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේ.
ඒ අනුව එදිනම එම අංශවලට යළි විදුලි සම්බන්ධතාවය ලබාදී තිබෙනවා.
පසුගිය සතියේද බිල්පත් නොගෙවීම හේතුවෙන් රෝහලේ ආපනශාලාවේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබූ බව ද අධ්යක්ෂවරයා පැවසුවා.
මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුපියල් මිලියන 30 ක පමණ විදුලි බිල්පතක් ගෙවීමට නියමිතව ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය තවදුරටත් කියා සිටියේ.

