පෞ. වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීම ගැන දැනුම් දීමක්

වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක බවයි.
වනජීවි දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි සංචාරක මග පෙන්වන්නන් 6 හා වනජීවි නියාමක නිලධාරියා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටිමක් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
පසුගිය සෙනසුරාදා යාල වනෝද්‍යානයට ජිප් රථ 30 කින් ඇතුළු 100 කට ආසන්න පිරිසක් උද්‍යානය තුළ රිය ධාවනය කරමින් සිටින අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විමත් සමඟ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරිණ.

