කථානායිකාවගේ සැමියාට මිටි ප්‍රහාරයක්

ඇමරිකානු කථානායක නැන්සි පෙලොසිගේ ස්වාමියා වන පෝල් පෙලොසි හට කිසියම් පුද්ගලයෙකු මිටි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කථානායකවරියගේ සැන්ෆ්රැන්සිස්කෝහි පිහිටි නිවසට, ඊයේ (28) අනවසරෙන් ඇතුලු වූ පුද්ගලයෙකු මෙම පහරදීම සිදුකර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පහරදීම හේතුවෙන් 82 හැවිරිදි පෝල් පෙලොසිගේ හිසට හානිය හේතුවෙන් ශල්‍යකර්මයක් ද සිදු කර ඇති අතර, ඔහුගේ දකුණු අතට තුවාල සිදු වී තිබෙනවා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද මෙම සිද්ධිය හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

