ගෑස් මිල ලබන 05 වැනිදා සිට පහලට

ගෑස් මිල ලබන 05 වැනිදා සිට පහලට

මෙරට ගෑස් හිඟයක් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, තවත් ගෑස් නෞකාවක් අද(29) අලුයට මෙරටට ළඟා වූ බවයි.

එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් ගොඩබෑම හෙට (30) ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ යම් අඩුවීමක් පවතින බවය.

එහි වාසිය ජනතාවට ලබා දීමේ අරමුණෙන් ලබන 05 වැනිදා සිට යළිත් ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.