රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් අප සතුව ඉන්නවා – අනුර දිසානායක

රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් අප සතුව ඉන්නවා – අනුර දිසානායක

රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට පෙර නොවූවිරූ ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන බෙදීම සනිටුහන් වෙමින් ඇති බවය.

“මේ දවස් වල ඕනෑම දේශපාලන වේදිකාවක කතා කරන්නේ අපි ගැන, මහින්දගේ වේදිකාවේත් කතා වෙන්නේ අපි ගැන, සජිත් ප්‍රේමදාසගේ සුකිරි බටිල්ලෝ ටික කතා කරන්නෙත් අපි ගැන, ඒ කෙන් කියන්නේ මොකක්ද ? අන් කවර දාකටත් වැඩියෙන් අපේ රටට වින කරපු සතුරන් බොහෝම කලබල වී ඇත.

මෙතෙක් නොවූවිරූ ලෙස ලංකාවේ දේශපාලන බෙදීම හරියට සනිටුහන් වෙමින් එනවා. ඒකෙ දෙකයි තියෙන්නේ. මීට කලින් දේශපාලනයේ තිබුණු බෙදීම් බොරු. රට විනාශයට පත්කළ කඳවුර සහ රටට විසඳුම ගෙනඑන කඳවුර.ජාතික ජනබලවේගය යනු මේ විනාශ කරපු රට ගොඩනගන කඳවුර.බතලේගොඩ බීජ පර්යේෂණ ආයතනයේ දෙමුහුන් වී වර්ග හඳුන්වාදීපු ආචාර්ය ධනපාල.. අන්න අපේ වැඩේ ඉන්නේ. ලාංකීය බාස්මතී සොයාගත්තු ආචාර්ය සුමිත් අපේ වැඩේ ඉන්නේ. ගොවි නායකයෙක් වන නාමල් කරුණාරත්න සහෝදරයත් ඉන්නේ අපි සමඟ. අපි මේක තමයි කෘෂිකර්මය භාරදෙන කණ්ඩායම.දැන් කට්ටිය කියනවා ඒ වුණාට ඔයගොල්ලන්ට ජෙනරාල්ලා නෑනේ ආරක්ෂාව භාරගන්න කියලා.මතක තියාගන්න, කොළඹ දිස්ත්‍රික් විධායක සභාව නියෝජනය කරන්නේ අපේ මේජර් ජෙනරාල් නැගෙනහිර හිටපු ආඥාපති අනුර ජයසිංහ. අපි ඒ අයගෙන් සමන්විත ආරක්ෂිත කවුන්සිලයක් හදලා තිබෙනවා. මේ සෙල්ලං වැඩක් නෙවෙයි කරන්න හදන්නේ.” යනුවෙන් පැවසීය

COMMENTS