යාචකයෙකුටත් පුළුවන් වේදිකාවක් හදාගෙන ගොඩ වෙන්න – මෛත්‍රිපාල සිරිසේන

යාචකයෙකුටත් පුළුවන් වේදිකාවක් හදාගෙන ගොඩ වෙන්න – මෛත්‍රිපාල සිරිසේන

පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවට ගොඩවීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

ප්‍රශ්නය :- පොහොට්ටුව ආයෙත් නැගිටින්න හදන්නේ මහින්ද මහත්තයා එක්ක ?
පිළිතුර :- ඔව් නැගිටින්න හදනවා, මොකෙන්ද දන් නැහැ නැගිටින්න හදන්නේ ? කොහේ නැගිටින්ද ඒගොල්ලෝ

ප්‍රශ්නය :- මහින්ද මහත්තයා ඇවිල්ලා වේදිකාවේ නගිනවානේ ?
පිළිතුර :- වේදිකාවේ නගින්න ඕන කෙනෙකුට පුළුවන්, පාරේ යාචකයෙකුටත් පුළුවන් වේදිකාවක් හදාගෙන නගින්න, ඒවා ප්‍රශ්නයක් නෑ, යනුවෙන්

COMMENTS