සෝල් අගනුවර තෙරපීමකින් 150ක් මරුට (Photos,Video)

සෝල් අගනුවර තෙරපීමකින් 150ක් මරුට (Photos,Video)

දකුණු කොරියාවේ සෝල් අගනුවර උත්සවයක් අතර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 150 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.
තවත් 100 වැඩි දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හැලොවීන් උත්සවයක් සඳහා පැමිණි ජනකායක් අතර මෙම තෙරපීම සිදුවී ඇති බව සඳහන්.

එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී ව ඇති අතර එහිදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෝල් අගනුවර පවතින සියලුම වෛද්‍ය මධ්‍යස්ථාන ද ඇතුළුව හදිසි සේවකයින් 400 කට වැඩි ප්‍රමාණයක් සහ ගිලන් රථ 140ක් යොදවා තිබෙනවා.

එහිදී හුස්ම ගැනීමේ අපහසුව වූ 81 දෙනෙකුට හදිසි ප්‍රතිකාර ලබාදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති Yon Suk-yeol තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ද පවත්වා ඇති අතර ප්‍රදේශයට හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවීමට නියෝග කළ බවයි ඔහුගේ කාර්යාලය කියාසිටියේ.

https://reut.rs/3DLpXNU

COMMENTS