උද්ධමනය 3%කින් පහලට

උද්ධමනය 3%කින් පහලට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසය සඳහා මෙරට උද්ධමනය 66%ක් දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන නිවේදනයේ දත්තවලට අනුව, පසුගිය සැප්තැම්බර් මස මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.

එමෙන් ම, මෙරට ආහාර උද්ධමනය ද ඔක්තෝම්බර් මාසයේදී 85.6%ක් දක්වා පහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වේ.

සැප්තැම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනය 94.9%ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය මාසයේ දත්තවලට අනුව යම් අඩු වීමක් සිදුව ඇත.