පොහොට්ටුවේ විශාල පිරිසක් යළි ශ්‍රී.ල.නී.පයට එන්න කැමැත්තෙන් ඉන්නවා

පොහොට්ටුවේ විශාල පිරිසක් යළි ශ්‍රී.ල.නී.පයට එන්න කැමැත්තෙන් ඉන්නවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමට කැමැත්ත පළකර ඇති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“පක්ෂයේ මත දෙකක් තියෙනවා. අපි හැමෝටම කතාබහ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිච්ච පිරිසක් තමයි දැන් පොහොට්ටුවට ගිහිල්ලා ඉන්නෙ. අද මං හිතන්නෙ පොහොට්ටුවේ විශාල පිරිසක් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව මං හිතන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් තියෙන මතවාද දෙකත් අපට එකතු කරගන්න පුළුවන්කම තියෙන්න ඕනෙ. මොකද අපට කලින් ඉඳලා ගියපු එක්කෙනාට වඩා ළඟ ඉඳලා ගියපු එක්කෙනා හොඳ නැති වෙන්නත් බැහැනෙ” යනුවෙන්

COMMENTS