සාමකාමී විරෝධතා ඔට්ටුයි, ආණ්ඩු පෙරළන්න ගෙවල් ගිනි තියන්න ඔට්ටු නෑ

මර්දනය මර්දනයෙන් නතර කළ යුතු යැයිද ඒ සඳහා සූදානමින් සිටින බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි
මේ රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසිය යුතු වෙලාවක් බවත් මිනිස්සුන්ට ගහලා, මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බැරි බවද සාමකාමී විරෝධතා වලට ඇහුම්කන් දීමට රජය ඕනෑම විටෙක සූදානම් යැයිද අමාත්‍යවරයා සඳහන් කළා.
කෝට්ටේ, බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) සහභාගීවීමෙන් පසු ප්‍රසන්න රණතුංග මෙි බව පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ප්රශ්නය:- දැන් දෙවෙනිදත් ඔබතුමන්ලාට දැවැන්ත අරගලයක් කරන්න එනවා කියනවා, කොළඹ වටලන්න එනවා කියනවා කොහොමද ඒ සඳහා සූදානම ?
පිළිතුර:- සාමකාමී, සාධාරණ විරෝධතා ඔට්ටුයි, හැබැයි මිනී මරන්න ගහන්න ආවොත් තදින් කටයුතු කරන්න ඕනේ
ප්රශ්නය:- මර්දනයද ඒ කියන්නේ ?
පිළිතුර:- මර්දනය කරන්න අවොත් මර්දනය, මර්දනයෙන් නතර කරන්න ඕනේ කියලයි කිව්වේ, ආණ්ඩු පෙරළන්න ගෙවල් ගිනි තියනවානම් මර්දනය කරන්න ඕනේ. යනුවෙන් පැවසීය.
පොහොට්ටුව ඉතාම ශක්තිමත් දේශපාලන පක්ෂයක් වන අතර හෙට මැතිවරණයක් තිව්වත් ශක්තිමත්ව නැගිටින්න හැකියාව තිබෙන බව රණතුංග වැඩි දුරටත් කියා සිටියා.

