මැති, ඇමතීන්ට විදෙස් ගමන් සීමාවක්

මැති, ඇමතීන්ට විදෙස් ගමන් සීමාවක්

පාර්ලිමේන්තු රැස්වීම පවත්වන දිනවලදී හා අය – වැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදේශගතවීම සීමා කර තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ඒ අනුව හදිසි වෛද්‍යමය අවස්ථාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යක් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට විදෙස්ගතවීම සීමාවනු ඇති.

2023 වසරට අදාළ අය – වැය විවාදය සඳහා වැඩසටහන් ඉදිරිපත් කරමින් අග්‍රමාත්‍යවරයා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ලබන 14 වැනිදා අය-වැය කතාවෙන් පසු දෙවන වර කියවීමේ විවාදය ලබන 15 වැනිදා සිට දෙසැම්බර් 07 වැනිදා තෙක් පැවැත්වෙනු ඇති.

අය-වැය ඡන්ද වීමසීම පවත්වනු ලබන්නේ ලබන මස 8 වැනිදායි.

COMMENTS