දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක අටකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 2.30 සිට හෙට පස්වරු 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි එම අවදානම නිකුත් කර ඇති දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුරයයි.