අද එන්නේ අවස්ථාවාදීන්, අද උද්ඝෝෂණයට අපි නෑ – වසන්ත සමරසිංහ

අරමුණ සහ අවංකභාවය පිළිබඳ ප්‍රශ්න පවතින බැවින් අද (02) උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගය සම්බන්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.
ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
ජවිපෙ සහභාගි වන්නේ අවංක අයගේ සටන්වලට පමණක් බවත්, වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් සටන් වදින පිරිස ජාතික සම්පත් විකිණීමේදී නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කිරීම ගැටලුවක් බවයි වසන්ත සමරසිංහ කියා සිටියේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ,
“අපි දෙවෙනිදා සහභාගී වෙන්න ඕනේ අවංක උවමනාවෙන් සටන් කරන මිනිස්සු සටන් කරනවානම්, මේ සටන් කරන්නේ අවස්ථාවාදීන්, මේ සටනක් නෙවෙයි, මේ වසන්ත මුදලිගේ සහෝදරයයි, සිරිධම්ම හිමියන් බේර ගන්න කියලා සටනකට එනවා ජාතික සම්පත් විකුණන්න පාර්ලිමේන්තුවේ සද්ධ නැතුව ඉඳලා, මොකක්ද මේ සටන?“
ප්රශ්නය:- දැන් ජෝසප් ස්ටාර්ලින්ලා, එතුමන්ලා තමයි ඔය පක්ෂ නායකයින් හම්බවෙන්න ගියේ, ඔබතුමන්ලා ඕකට සම්බන්ධයක් නැහැ ?
පිළිතුර :- නැහැ, අපේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය මේකට සම්බන්ධයක් නැහැ, ඒක නිසා ජෝසප් ස්ටාර්ලින්ලට හරි තව කාටහරි සජබ එක්ක හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක මොනාහරි කරගන්න තියෙනවානම් ඒක අපිට තියෙන ප්රශ්නය නෙවෙයි, අපි සටන් කරන්නේ පොදු සටනක් පොදු සතුරා පැරැද්දවීම වෙනුවෙන් ඒ සටනේදී එකක් විතරක් නෙවෙයි සටන් පාඨය, සියලු සටන් පාඨ අපේ සටන් පාඨ ඒ නිසා ඊළගට වරාය පනත එනකොට පාර්ලිමේන්තුවේ අත උස්සන කොට අපිට කියන්න තියෙන්නේ, ආය සටන් කරපු මිනිසු වේදිකාවෙන් එලවන්න වෙයි, ඒ නිසා වේදිකාවට නග්ග ගන්නේ ඕනේ වේදීකාවේ තියාගන්න පුළුවන් මිනිස්සු, අපි ඒ මිනිස්සු එක්ක මේ සටන ඉස්සරහට යනවා. යනුවෙන්
සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ආණ්ඩුව විසින් දින හැත්තෑ ගණනක් රඳවා තබාගැනීම ලැජ්ජාවක් බව ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

