හදිසියේම දරුවන් 50ක් රෝහල් ගත කරයි

හදිසියේම දරුවන් 50ක් රෝහල් ගත කරයි

දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව සිසුන් 50 දෙනෙකු පමණ පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අසළ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් විද්‍යාල ක්‍රීඩාංගණයට ඇතුළු වීමෙන් ඇති වූ දුමාරය ආඝ්‍රහණය කිරීමෙන් සිසුන් හුස්ම ගැනීමට අපහසු වී ඇති බවද වාර්තා විය.