දුම් පානය අඩු කරන්න දුම්වැටි මිල වැඩි කරන්නැයි යෝජනාවක්

දුම් පානය අඩු කරන්න දුම්වැටි මිල වැඩි කරන්නැයි යෝජනාවක්

දුම් පානය කරන්නන් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල මිල සූත්‍රයට අනුව වැඩි කරන ලෙස එළඹෙන අයවැයට යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

ඔවුන් කියා සිටියේ, මෙරට සිල්ලරට තනි දුම්වැටි අලෙවිය නතර කර දැමිය යුතු බවට ද යෝජනා කර ඇති බව යි.

එමෙන්ම මෙරට දුම්පානය කරන වැඩිහිටියන්ගෙන් සියයට පනස් එකක් ඉන් වැලකිය යුතු බවට විශ්වාස කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.