සංචාරකයින්ට FIFA උණුසුම දෙන්න ඇමතිගෙන් අලුත් වැඩක්

FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් මස 20 සිට දෙසැම්බර් 18 දක්වා කටාර්හි දී පැවැත්වීමට නියමිත වනවා
මේ වෙනුවෙන් ලෝකයේ විවිධ රටවලින් කටාර් රාජ්‍යයට පැමිණෙන මිලියන ගණනක් වු පාපන්දුලෝලීන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමේ අරමුණින් මීගමුව සංචාරක කලාපය කේන්ද්‍ර කර එළිදැක්වෙන FIFA ප්‍රේක්ෂක කලාපය ජනගත කිරීම සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඒ කොල්ලුපිටිය ශ්‍රි ලංකා සංචාරක හෝටල් කළමණාකරන ආයතන ශ්‍රවණාගාරයේ දීයි.





