ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් (Video)

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඉන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගුජ්රන්වාලා ප්‍රදේශයේ පැවති රැලියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි සඳහන්.
ඛාන්ගේ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නිලධාරියෙකු වන අසාර් මෂ්වානි, ප්‍රකාශ කළේ ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී තිබුණ ද බරපතල තත්වයක් නොමැති බවයි.
තුවාල ලැබූ හිටපු අගමැතිවරයා ලාහෝර්හි රෝහලකට රැගෙනගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් හෝ සිදුවීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

