පිටරට අය සමඟ විවාහ වීමට ඇති බාධා ඉවතට

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට ඊයේ (2) උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව එලෙස බාධා ඇති වීමට තුඩු දුන් චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.
එම කාර්යාලය පවසන අන්දමට මෙම විවිධ සීමා පැනවී තිබුණේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු 2021 අංක 18 දරණ චක්‍රලේඛයෙනි.
අගමැතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී ඊයේ (2) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

