ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් මේ සතිය තුල නෑ – ඇමති

ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් මේ සතිය තුල නෑ – ඇමති

මේ සතිය තුල ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නො වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

මිල සූත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමු වැනි දා සහ 15 වැනි දා ඉන්ධන මිල සම්බන්ධයෙන් සලකා බැලෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. සමාගම සතු ව අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් ඇණවුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙස යි.

COMMENTS