ප්‍රචණ්ඩත්වයට කැමති කවුරුත් අපේ පැත්ත පලාතක එන්න එපා – සජිත් ප්‍රේමදාස

ප්‍රචණ්ඩත්වයට කැමති කිසිවෙක් තමන් සමඟ එක්වීමට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ගල්ගමුවේදී අද (03) පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස,
“ආණ්ඩුවට වුවමනා වුණා ප්‍රචණ්ඩත්වයට හරවන්න. ගුණ්ඩුවට රැවටුණේ නැහැ. අපිට කියලා ගස්සවගන්න රජයට වුවමනා වුණා. ප්‍රචණ්ඩත්වයෙන් පිරි උද්ඝෝෂණයක් කියන්න වුවමනා වුණා. යුද්ධයකට යන්න නෙවෙයි සූදානම් වුණේ. කඳුළු ගෑස්, ජල ප්‍රහාර ගහගන්න වුවමනාවක් තිබුණේ නැහැ. සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න වුවමනා නැහැ. මැතිවරණයක් හරහා රටේ වෙනසක් කිරීමයි අවශ්‍යතාව.
යුද්ධ කරලා මරාගෙන දේපළ පුළුස්සන දේශපාලනය කරන්නේ නැහැ. මෝඩයෝ වගේ හැසිරිලා හරියන්නේ නැහැ. එහෙම හැසිරෙන්න ඉඩතබන්නේ නැහැ. සුළු කොටසක් ඊයෙත් ප්රචණ්ඩත්වය දියත් කරන්න එන්න ඇති. ප්රචණ්ඩත්වය ඕනේනම් වෙනත් දේශපාලන ගමනක් හොයාගන්න. අපේ පැත්ත පළාතක එන්න එපා.” යනුවෙන්

