කොළඹ, ගම්පහ ජනතාව ගංවතුර අවදානමෙන් මුදවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්

කොළඹ, ගම්පහ ජනතාව ගංවතුර අවදානමෙන් මුදවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්

ගංවතුරෙන් යට වූ ජනතාවට කොට්ට මෙට්ට කෑම උස්සගෙන එන ක්‍රමවේදය වෙනුවට පූර්ව ආපදාකළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් අවශ්‍යය බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්වල ගංවතුර අවම කිරීම සඳහා වූ සාකච්ඡාවක් අද (04) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේ දී.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“මම මෙම අවස්ථාවට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයින්ට පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන්ට ආරාධනා කළා. ඒ වාගේම ආපදා කළමනාකරණය සම්බන්ධ සියලු ම ආයතනයන් හි නිලධාරීන්ට ආරාධනා කළා. මේ සාකච්ඡාවේදී ම පෙනෙන දෙයක් තමයි එක් එක් ආයතනවල මනා සම්බන්ධීකරණයක් නැති බව. මේ වගේ වැඩසටහනක දී ඒක බරපතළ ගැටලුවක්. මේවා විසදාගත යුත්තේ, සියලු ආයතන එක් ව ඒකාබද්ධව සකස්කරගත් වැඩපිළිවෙළක් අනුව යි. මෙතැන් සිටවත් ඒ අනුව කටයුතු කරන්න.

සෑම මාස 2කට වරක් ම අපි එකතු වෙලා ගංවතුරෙන් හා වෙනත් ආපදාවන්වලින් ජනතාව මුදා ගැනීම සඳහා සාකච්ඡා කරමු. සෑම මාස 3කට වරක් ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වලට ගොස් මේ පිළිබඳ ප්‍රගති සමාලෝචනය කරමින් ඉදිරි කටුක කටයුතු පිළිබඳ සොයා බලමු. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා” යනුවෙන්